
(තිලකරත්න දිසානායක)
කොළඹට පමණක් සීමාවී තිබූ යතුරු පැදි නව ලියා පදිංචි කිරීම දිවයිනෙහි තවත් දිස්ත්රික් පහකදී ආරම්භ කරමින් එහි සමාරම්භක අවස්ථාව , මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාෂල් ( විශ්රාමික) තුෂාර ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් අද (19) පෙරවරුවේ , එම ගම්පහ දිස්ත්රික් නියෝජ්ය කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙතෙක් කල් කොළඹ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලයෙන් පමණක් යතුරු පැදි නව ලියා පදිංචි කිරීම සිදුවූ අතර ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්රික් මෝටර්රථ ප්රවාහන දිස්ත්රික් කාර්යාලයන්හිදී සිදු කිරීම ආරම්භ වන බව කොමසාරිස් ජනරාල්වරයා මෙහිදි සදහන් කළේය.
එක්දින සහ සාමාන්ය වශයෙන් යතුරුපැදි නව ලියා පදිංචි කිරීම මෙලෙස ආරම්භ කළ අතර ඉදිරියේදී සියලුම රථවාහන දිස්ත්රික් නියෝජ්ය කොමසාරිස් කාර්යාලයන් වෙතින් ලියා පදිංචි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් මෙමගින් ජනතාවට විශාල පහසුවක් වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී ගම්පහ දිස්ත්රික් ප්රවාහන අනු කමිටු සභාපති ප්රගීත් මදුරංග , මෝටර්රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් තාරක දේවප්රිය , ගම්පහ අතිරේක දිසාපති සුගත් කිත්සිරි , මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්රික් නියෝජ්ය කොමසාරිස් කළණ ජයනන්ද , මෝටර්රථ පරීක්ෂක එම්. ආර්.සේනාරත්න යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර මෙහිදී මෝටර්රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) තුෂාර ප්රනාන්දු මහතා විසින් සංකේතාත්මකව යතුරු පැදි නව ලියා පදිංචිය කිරීම සිදු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදි ලියාපදිංචිය මීට කලින් ඒ කියන්නෙ 2013 විතරත් දිස්ත්රික් කාර්යාල වල කරා.